රෙඩ් වෙල්වට් කේක්

නොවැම්බර් 20, 2019

ඉතාම සිත්ගන්නා සුලු නිමාවකින් යුතු හරි අපුරු කේක් එකකුයි මේ.

දැන් දැන් කප් කේක් කලාව වියැකෙමින් හැන්දක් ආධාරයෙන් කෑමට ගත හැකි ණචපඵ කේක් කලාව, කේක් ලොවට එක්වෙමින් පවතී.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

කේක් පිටි ග්‍රෑම් 300 යි

බේකිං පවුඩර් තේ හැඳි 2 යි

කොකෝ පවුඩර් මේස හැඳි 2 යි

බටර් ග්‍රෑම් 150 යි

සීනි ග්‍රෑම් 300 යි

ලොකු බිත්තර 3 යි

වැනිලා තේ හැදි 1 1/2 යි

රතු වර්ණක තේ හැඳි 3 යි

බටර් මිල්ක් කෝප්ප 1 යි

 

සාදාගන්නා ක්‍රමය

පිටි, බේකිං පවුඩර්, කොකෝ පවුඩර් එකට මිශ්‍රකර පෙනේරයකින් හළාගන්න. බටර් සහ සීනි හොඳින් බීට් කරන්න.

බිත්තර කහ මද හා වැනිලා එකතු කර බීට් කරන්න.

දැන් වර්ණක එකතු කරන්න. භාවිතා කරන වර්ණක වර්ගය අනුව අවශ්‍ය ප්‍රමාණය වෙනස්වීමට පුළුවන.

පිටි මිශ්‍රණය හා බටර් මිල්ක් මාරුවෙන් මාරුවට එකතු කරමින් හැන්දකින් කලවම් කරන්න.

බිත්තර සුදු මදය වෙන භාජනයක හොඳින් බීට් කරන්න. එය කේක් මිශ්‍රණයට එක් කර කලවම් කරන්න.

දැන් ලයිනිං කරගත් ශීට් කේක් තැටියට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 175 කට රත් කළ අවන් එකක විනාඩි 35 ක් පමණ බේක් කරන්න.

No comments:

Post a Comment