නත්තල් සාදයේ උත්කර්ෂවත් බව ගෙනෙන වයින්

ඔක්තෝබර් 23, 2019

සීතල උඳුවප් මාසය කිතුªණුවන්ගේ උත්කර්ෂවත්ම සමයයි. ජේසු බිලින්දාගේ උපත සිදුවුණු නත්තල් උදාවත් සමඟින් ඔවුන් ප්‍රීති උත්සව පවත්වනවා. නත්තල උදාවන්නට තවත් ඇත්තේ මාස දෙකක් පමණ කාලයකි. හරියටම දින 62 කි. මේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් කිතුණුවන් නත්තල් කේක් සමඟ පිළිගන්වන්නට විවිධ රසට වයින් වර්ග හදනවා. ඒ වයින් වඩාත් රස වන්නේ මාස ගණනකට පෙර සිට සෑදීමෙන්. ඉතිං මෙවර තරුණී රසාර කෑම අතිරේකයෙන් කල්තියාම වයින් හදන අයුරු කියා දෙන්න අපි තීරණය කළෙමු.

වයින් හදනකොට බොහොම පිරිසුදුව පිළිවෙළකට හැදිය යුතුයි. වයින් හදන නොයෙකුත් ක්‍රම තිබේ. එහෙත් මේ ලබා දෙන්නේ ගෘහණියකට පහහසුවෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන් ආකාරයයි. ඒ වගේම රසයි. ඇල්කොහොල් ප්‍රතිශතයත් අඩුයි. ඉතිං රසයෙන් ගුණයෙන් මෙන්ම විසිතුරෙන් පිරි වයින් ඔබේ නත්තල් සාදයට උත්කර්ෂවත් බවක් ගෙන දේවි.

උපදෙස් - විධායක සූපවේදී

රුක්ෂාන් ඉද්දමල්ගොඩ

Ekho Safari Resort

තිස්සමහාරාමය

 

තැඹිලි වයින්

 

අවශ්‍ය ද්‍රව්‍ය

තැඹිලි වතුර බෝතල් 06 ක්

සීනි කිලෝ ග්‍රෑම් 2 1/2 ක්

ඊස්ට් ග්‍රෑම් 50 ක්

කරාබු නැටි 15 ක් පමණ

කරදමුංගු කරල් 15 ක් පමණ

කුරුඳු පොතු කැබැල්ලක්

දෙහි හෝ ලෙමන් ගෙඩි 04 ක යුෂ

සාදන අන්දම

පළමුව ඊස්ට් ටික ගෙන එයට මඳ රස්නය ඇති වතුර ස්වල්පයක් දමා ඊස්ට් ද්‍රාවණය සාදා පසෙකින් තබන්න. දැන් සීනි ග්‍රෑම් 125 ක් ගෙන සීනි කැරමල් කර පැණි කෝප්පයක් සාදා ගන්න.

ඉතිරි සීනි තැඹිලි වතුරට දමා දියකර ගන්න.

ඉන්පසුව පිරිසුදු වීදුරු හෝ පිඟන් මැටි බූලියකට සීනි මිශ්‍ර කරගත් තැඹිලි වතුර, තළාගත් කරාබු නැටි, කරදමුංගු, දෙහි හෝ ලෙමන් යුෂ, ඊස්ට් ද්‍රාවණය දමා පිරිසුදු ලී හැන්දකින් මිශ්‍රකර ගන්න. මෙය පිරිසුදු ස්ථානයක වසා තබන්න.

දින 10 කට පසුව කැරමල් කර සාදාගත් පැණිවල කලවම් කරන්න. දැන් තව දින 11 ක් වසා තබන්න. දින 21 කට පසුව පෙරා පිරිසුදු බෝතල්වල අසුරා ගන්න.

2019/10/23 තරුණි බලන්න.

 

සටහන් - අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

ඡායාරූප -  උපාලි ජයරත්න

 

No comments:

Post a Comment