කෝල්ස්ලෝ සැලඩ්

ඔක්තෝබර් 30, 2019

එළවළු ලොකු කැබැලි ලෙස තිබිය දී සලාද ආහාරයට ගැනීමට ඇතැම් අය දක්වන්නේ අකැමැත්තක්. එවැනි අයට මේ කෝල්ස්ලෝ සලාදය වඩාත් සුදුසුයි.

බොහොමයක් හෝටල්වල සලාද වට්ටෝරු අතර මේ සලාදය ප්‍රමුඛ වන්නේ ඒ නිසයි.

සලාදය සඳහා අවශ්‍ය වන්නේ,

ගෝවා සුදු කොටසින් ග්‍රෑම් 100ක්

සුල්තානා ග්‍රෑම් 25ක්

කජු ග්‍රෑම් 25ක් පමණ

මෙයොනේස් සෝස්/ ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින්

දැන් අපි සලාදය හදමු,

මුලින් ම කළ යුත්තේ ගෝවා ලුණු වතුරෙන් සෝදා සිහින්ව ලියා ගැනීමයි. එසේ ලියා ගත් ගෝවා අයිස්වතුරට දමන්න. එසේ අයිස් වතුරට දැමීමෙන් ඒවාට ක්‍රිස්පි ගතියක් ලැබේ. කජු මද පියලි කරගන්න. මද පිටින් දැමීමට අකැමැති නම් ඒවා කපා ගැනීමට ද හැකියි. දැන් වතුර හොඳින් බේරා ගත් ගෝවාවලට සුල්තානා හා කජු දමා මිශ්‍ර කරන්න. ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක හෝ මෙයොනේස් සෝස් සමඟ මිශ්‍රකර මේසයට යවන්න.

මෙයොනේස් සෝස්

බොහොමයක් සලාද වර්ග සඳහා මෙයොනේස් සෝස් අවශ්‍ය වේ. මෙය වෙළෙඳපොළෙන් ලබා ගත හැකි වුවද නිවෙසේ දී ද ඔබට සකසා ගත හැකිය. තමා විසින් ම සාදා ගත් මෙයොනේස් සෝස් එකක් භාවිත කිරීමට හැකි නම් එය ඔබේ පසුම්බියට පහසුවක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය,

බිත්තර කහ මද 2ක්

ලුණු, ගම්මිරිස් රස අනුව

අබ කුඩු තේහැඳි භාගයක්

ඔලිව් තෙල් හෝ එළවළු තෙල් කෝප්ප භාගයක්

දෙහි යුෂ මේසහැන්දක්

දැන් මේ සියලු ම ද්‍රව්‍ය කුඩා බ්ලෙන්ඩර් කප් එකකට දමා හොඳින් ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න.

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

ලක්ෂ්මි නාරාහේන්පිට

                                      

No comments:

Post a Comment