ඔසු ගුණ පිරි රසැති කෑම

ඔක්තෝබර් 2, 2019

පවුලේ පෝෂණය ඉතාම වැදගත්. ඒ නිසා පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය රැක දෙන පෝෂණිය ආහාර පාන සැකසීම ගෘහණියකගේ වගකීමයි.

ඒ වගේම පවුලේ කෙනකු රෝගී වුවහොත් එය හොඳින්ම දැනෙන්නේ ගෘහණියටයි. මෙවැනි අවස්ථාවකදී එම රෝගයට සරිලන ආහාර පාන සැකසීම පිළිබඳව ගෘහණිය දැනුමක් ලබා තිබීම පවුලටම සහනයකි. ඒ එක් එක් රෝග සඳහා ආහාර සැකසීමට මේ රසාර අතිරේකය ඔබට මහඟු අත්වැලක් වේවි.

මෙවර රසාර අතිරේකය ඔබට තිළිණ කරන්නේ ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතායි. හෙළ සූපවේදයේ රස රහස් හොඳින් දන්නා හඳුනන එවැනි ප්‍රවීණයකුගෙන් මෙවන් අතිරේකයක් ඔබ අතට පත්වීම මහඟු තිළිණයක්ම වේවි.

***********

නීරමුල්ලිය ව්‍යංජනය

නීරමුල්ලිය රෝග තත්ත්ව ගණනාවකටම ඖෂධයකි. විශේෂයෙන්ම මුත්‍රා දැවිල්ල, වේදනාව, මුත්‍රා පිටවීම අවහිර වීම, වකුගඩු හා මුත්‍රාශයේ ආතිවන ගල් වැනි සියලුම මුත්‍රා රෝග සඳහා ගුණ ගෙන දෙයි.

දියවැඩියා රෝගීන්ට ද සුදුසු මේ එළවළුව උණ රෝගයෙන් පෙළෙන අයගේ ගත සිත ප්‍රබෝධවත් කිරීමට සමත් ආහාරයකි. නීරමුල්ලිය සතු විටමින් ඡ් වලින් ශක්තිය ඇති කරයි.

විශේෂයෙන් ආතරයිටීස් රෝග තත්ත්වයන් හා ඉදිමුම් තත්ත්වයන්ට ද ඉතා ගුණදායක වේ.

අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට ද සුදුසු ආහාරයකි.

අවශ්‍ය ද්‍රව්‍ය

නීරමුල්ලිය කොළ ග්‍රෑම් 200 ක්

රතු ලූනු ග්‍රෑම් 30 ක්

උම්බලකඩ මේස හැඳි 1/2 ක්

කරි කුඩු මේස හැඳි 1/2 ක්

මිටි කිරි අඬු කෝප්ප 1 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්

අමු මිරිස් කරල් 2 ක්

සුදුලූනු බික් 2 ක්

දෙහි ගෙඩි 1/2 ක යුෂ

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

පළමුව නීරමුල්ලිය දඬු සහ කොළ සෝදා කැබලිවලට කපාගන්න.

ඉන්පසු භාජනයක් ගෙන එයට කපාගත් රතුලුනු, උම්බලකඩ, කරි කුඩු, මිටිකිරි, කහ කුඩු, මිරිස් කුඩු, දෙකට කපාගත් අමුමිරිස් සහ සුදුලුනු එකතුකර ළිප තබන්න.

හොඳින් මිශ්‍ර කර දෙහි යුෂ ද එක්කරන්න. ඉන්පසු රස අනුව ලුණු එකතු කරගන්න.

ඉස්ම හිඳෙනතුරු පිසගෙන ළිප නිවන්න.

උපදෙස්

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා

 

2019/10/02 තරුණි බලන්න

No comments:

Post a Comment