ස්වීස් රෝල් කේක් Swiss Role Cake

අප්‍රේල් 17, 2019

අවශ්‍ය ද්‍රව්‍ය


  • බිත්තර 3 ක්
  • සීනි ග්‍රෑම් 125 ක්
  • පිටි ග්‍රෑම් 125 ක්
  • බේකිං පවුඩර් තේ හැන්දක්
  • වැනිලා තේ හැන්දක්
  • කැමැති වර්ගයකින් කලරිං
  • බටර් අයිසිං සඳහා
  • අයිසිං සීනි ග්‍රැම් 100 ක්
  • බටර් මේස හැඳි 2 ක්
  • වැනිලා ස්වල්පයක්
  • කලරිං

සාදන ක්‍රමය

පළමුව ස්වීස් රොල් එක සාදමු. ඒ අනුව මුලින්ම බිත්තර සුදුමද බ්ලෙන්ඩර් කරගන්න. එයට ලුනු ස්වල්පයක් එකතුකරගන්න. දැන් මෙය හොඳින් බිට් කරගත යුතුයි. ඉන්පසු එයට බිත්තර කහමද එක බැගර්‍ණ ඡ්න් සහ සීනි ටික ටික දමමින් බීට් කරගන්න. දැන් මෙයට බේකිං පවුඩර් දමා තෙවරක් හලාගත් පිටි දමා කලවම් කරගන්න. පසුව වැනිලා හෝ අවශ්‍ය එසන්ස් වර්ග එකතුකරන්න. දැන් කැමැති පාටක කලරිං යොදා ගන්න. පසුව බටර් තවරා ගත් කේක් තැටියට මිශ්‍රණය දමා සෙන්ටිග්‍රේට් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 25 ක් පමණ බේක් කර ගන්න.
බටර් අයිසිං සාදමු
ඒ සඳහා ඉහත සඳහන් සියල්ල එකට දමා බීට් කරගන්න. ඉන්පසුව කේක් එක පිටතට ගෙන නිවෙන්නට කලින් රෝල් කරගන්න. පසුව මඳ වේලාවක් නිවෙන්නට තබා නැවත දිග හරින්න. ඒ මත සාදාගත් අයිසිං මිශ්‍රණය තවරා රෝල් කරගන්න.
පසුව ශීතකරණයේ තබා අවශ්‍ය තැනකට අරගෙන යන්න.

No comments:

Post a Comment