එග් රයිස් Egg Rice


පැණි රස, තෙල් රස වැඩියෙන් රස විඳි අවුරුදු කාලේ වෙනස් රසයන් දිව සොයන බව නොරහසක්. ඒ නිසා මේ බිත්තර මුසු බත් එක ඔබට වෙනස් රසයක් ගෙන දේවි.


මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය


බාස්මතී කිලෝ 1ක්
ගී ග්‍රෑම් 100ක්
බිත්තර 6ක් පමණ
බී ලූනු ග්‍රෑම් 100ක්
කරදමුංගු කරල් 5ක් හා කරාබුනැටි 6 ක කුඩු
කුරුඳු පොත්තක්
ලුණු පුරවාගත් තේහැඳි 2ක්
වියළි මිරිස් කරල් 7-8ක්
(ඇට ඉවත්කර කපා ගන්න)
ඉඟුරු සුදුලූනු තේ හැන්ද බැගින් අඹරා
රම්පෙ, කරපිංචා, සේර
ස්ටොක් වතුර කෝප්ප 8ක් (මෙය සුප් කැට 2ක් දමා ද සකසා ගත හැකියි)
කජු ග්‍රෑම් 50ක්
වියළි මිදි ග්‍රෑම් 50ක්

දැන් අපි බත සාදමු


පළමුවෙන් ම හාල් සෝදා වතුර බේරා ලුණු තේහැඳි 2ක් ස්ටොක් වතුර පීරිසි කෝප්ප අට හා එකතුකර එය හාල් එකට දමන්න. දැන් මෙය ළිප තබා බත බෙරි නොවී ඇට වෙන් වෙන්ව ඇති සේ පිසගන්න.
ලූනු සිහින්ව ලියා ගී එකතුකර රන්වන් පැහැ වනතෙක් බැදගන්න. පසුව එයට රම්පෙ, කරපිංචා, සේර, කුරුඳු වියළි මිදි, කජු එකතුකර බදින්න. දැන් මේවා බතට මිශ්‍ර කරන්න. බිත්තර හය කඩා ලුණු ස්වල්පයක් මිශ්‍රකර තට්ටු කරගන්න. දැන් එය තෙම්පරාදු කළ බඳුනට ම එකතුකරන්න. මෙය තැම්බීගෙන එනවිට කූරු ගා (ස්ක්‍රැම්බල්කර) බත් මිශ්‍රණයට එකතු කරන්න. දැන් මෙම බත බඳුනකට දමා තක්කාලි මලක්, කොත්තමල්ලි කොළ හෝ සැල්දිරි ඉත්තක් ගසා සරසා මේසයට යවන්න.

No comments:

Post a Comment