කැලෑ රෝසමලින් සැබෑ වෙනසක් Flower Cake



අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් 8ය6 ප්‍රමාණයේ ඩමි එකක්
අඟල් 12ය6 ප්‍රමාණයේ ඩමි එකක්
අඟල් 16ය6 ප්‍රමාණයේ ඩමි එකක්
ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසිං
අඟල් 1 1/2ය18 බේස්බෝඩ් එකක්
පාච්මන්ට් අයිසිං
දම් රිබන්

සාදන ක්‍රමය
පළමුව ඩමි තුනම ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු ඉහළට සහ මැද ඩමිය යටින් දම් රිබන් පටියක් අලවන්න. බේස්බෝඩ් එක දම් පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගෙන ඩමි තුන පිළිවෙළින් තබා ගන්න.

දැන් දම්පාට ෆොන්ඩන්ට්වලින් රවුම් කපාගන්න. ඉන්පසු එම රවුම් මලක ආකාරයට රැලිකර පහළම ඩමිය වටා තබමින් අලවා ගන්න.
කේක් එකෙහි ඉහළට දම්පාට පාච්මන්ට්වලින් සාදාගත් කැලෑ රෝස මල් සහ කොළ පොකුරක් ආකාරයට සකස්කර ඉහළ සිට පහළට වැටෙන පරිදි රඳවා ගන්න.

2019/05/01 තරුණි බලන්න.

No comments:

Post a Comment