කොකනට් කැරමල් කස්ටඩ් Coconut Caramel Custard

අප්‍රේල් 17, 2019
අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් හකුරු ග්‍රෑම් 110 ක්
පොල් කිරි මිලි ලීටර් 200 ක්
ග්‍රේට් කරගත්
සාදික්කා ස්වල්පයක්
වැනිලා තේ හැන්දක්
බිත්තර 4 ක්
සිහින්ව කපාගත් කජු
මේස හැඳි 2 ක්

සාදන ක්‍රමය
පළමුව හකුරු, පොල් කිරි, සාදික්කා සහ වැනිලා භාජනයකට දමා වතුර භාජනයත් මත තබා ළිපේ තබා විනාඩි 6 ක් පමණ උණුකර ගන්න. ඉන්පසු එය නිවෙන්නට තබා භාජනයක් ගෙන එයට බිත්තර දමා ක්‍රීම් වනතුරු බීට් කරගන්න. ඉන්පසු හකුරු මිශ්‍රණය සහ බිත්තර එකතුකර හොඳින් බීට් කරන්න. දැන් මේ මිශ්‍රණය පෙනේරයක් ආධාරයෙන් ට්‍රේ එකකට පෙරා ඇළුමිනියම් ෆොයිල් එකකින් ට්‍රේ එක වසා දමන්න. ඉන්පසු සෙල්සියස් අංශක 150 ට රත්වූ අවන් එකකට දමා විනාඩි 35 ක් පමණ ස්ටීම්කර කෑලි කපා උඩින් කජු ඉස පිළිගන්වන්න.

No comments:

Post a Comment