මස් කරි රස කරන කරි කුඩු එක මෙන්න

Image result for chicken curry masala powder

මස් කරි කුඩු ග්‍රෑම් 250 ක් හදාගන්න ඕනේ දේවල් 


  • * කොත්තමල්ලි මේස හැඳි 06 ක්
  • * වියළි මිරිස් කරල් 25 ක්
  • * සූදුරු මේස හැඳි 03 ක්
  • * මාදුරු මේස හැඳි 03 ක්
  • * සුදු කැකුළු හාල් මේස හැඳි 04 ක්
  • * සිහින්ව ගාගත් පොල් මේස හැඳි 07 ක්
  • * කරපිංචා ඉති 02 ක්
  • * කරාබුනැටි 25 ක්
  • * තරමක් ලොකු කුරුඳු පොතු කැබලි 03  ක් විතර
  • * ගම්මිරිස් ඇට මේස හැඳි 04 ක්
  • * කහ කුඩු තේ හැඳි 03 ක්
  • * උළුහාල් තේ හැඳි 03 ක්
  • * ස්ටාර් අනිස් 03 ක්
  • * සිහින්ව කපාගත් සේර දඬු කැබැල්ලක්
  • * රම්පා කැබැල්ලක්

"මේ පහේ ටික හොඳට සෝදලා තෙත වියළලා ගන්න ඕනේ. ඒ කියන්නෙ කොත්තමල්ලි, සූදුරු, මාදුරු, ගම්මිරිස්, උළුහාල් වාගේ දේවල් වෙන වෙනම සෝදලා වියළා ගන්න. මිරිස් කරල්වල නැටි ඉවත්කර සෝදලා වේළන්න ඕනේ. කරපිංචා, රම්පා, සේර වාගේ දේවලුත් මේ විදිහට සෝදලා වියළා ගන්න. කැකුළු හාල් ටිකත් සෝදලා වේළා ගන්න."

"ඊට පස්සෙ මේවා වෙන වෙනම කබලේ බැදගන්න ඕනේ ."

"හොඳට තෙත වියළාගත්තට පස්සෙ පතුල තරමක් ගැඹුරු තාච්චියක් හරි වෙනත් බඳුනක් හරි ළිපේ තියලා තරමක් අඩු ගින්දරක් දමන්න. ඊට පස්සෙ කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල්, මිරිස් කරල්, ගම්මිරිස් වාගේ දේවල් රන්වන් පැහැයට වෙන වෙනම බැදගන්න. කරාබුනැටි, කරදමුංගු, ස්ටාර් අනිස්, රම්පා, කරපිංචා, සේර ආදියත් මේ විදිහට බැදගන්න. එතකොට කැකුළු හාල් සහ හීනියට ගාගත් පොල් ටිකත් වෙන වෙනම බදින්න."

"ස්ටාර් අනිස් කියන්නෙ අර බුරියානිහෙම හදනකොට අපි දාන අන්නාසි මල් කියලා කියන වර්ගයට"

"දැන් මේ විදිහට හැමදේම වෙනම බැදගෙන එකට දමාගන්න. ඊට පස්සෙ ඒකට කහ කුඩුත් දාලා ඔක්කොම හොඳට කුඩුකරගන්න ඕනේ. මේක හොඳ සුවඳ කුඩු එකක්. හොඳට වියළි බෝතලයකට දමලා කට වහලා තිබ්බහම අපූරුවට පාවිච්චි කරන්න පුළුවනි."

No comments:

Post a Comment