උදෑසනට බටහිර කෑමක රස බලමු

ජූලි 15, 2020

 

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පෙර අපර දෙදිගෙන් ඇති කළ බලපෑම අප්‍රමාණයි. ලක්වාසී අපිට සුපුරුදු පිටස්තර කෑම බීම ආවෙත් ඒ ආකාරයටයි. අපි විදේශ ආහාරවලට හුරු වී සිටින්නේ සමාජයේ ඉහළ පැලැන්තියේ අය අනුගමනය කරන ආහාර රටාවල වටිනාකම් ද එක් කරමින්.

එසේම කාලගුණික හා දේශගුණික වශයෙන් ද පෙරදිග හා අපරදිග රටවල් වෙනස් වන නිසා ඒ ඒ දේශගුණවලට සුදුසු වන අයුරින් ස්වභාව ධර්මයෙන් ආහාරය සඳහා සුදුසු දෑ හටගනී. නමුත් වර්තමානය වන විට ගෝලීයකරණය හමුවේ රට රටවල් අතර වෙළෙඳාම මඟින් ඒ ඒ රටවල් වලට ආවේණික ආහාර ද වෙළෙඳපොළට එක් වී තිබේ.

අද රසාර කෑම අතිරේකය මඟින් ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු ගත් බටහිර කෑම කිහිපයකි. මේවා විශේෂයෙන් උදෑසන ආහාරයට එක් කර ගත හැකි නමුත් දවසේ ඕනෑම ආහාර වේලක් සඳහාද සුදුසු වෙයි..

 

උපදෙස්:- ප්‍රවීණ සූපවේදිනී

ප්‍රතිකා වික්‍රමසිංහ

අලුත්ම තාලේ නූඩ්ල්ස් එකක්

එකම විදිහට නුඩ්ල්ස් හදලා එපා වෙලා ද? එහෙනම් වෙනස් ම කවුරුත් කැමැතිම විදිහකට නුඩ්ල්ස් එකක් හදන ආකාරය තමයි මේ කියන්න හදන්නේ. මුලින්ම බලමු අපි අවශ්‍ය දේවල් මොනවද කියලා. මෙය තිදෙනකුට ප්‍රමාණවත් වේ.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම්200

බිත්තර 2

චෙඩාර් චීස් කප් 1\3

(අඬු කෝප්ප)

ක්‍රීම් චීස් කප් 1 (අඬු කෝප්ප)

ගාගත් මොසරල්ලා චීස්

බටර් මේස හැඳී 2

අඹරාගත් මස් ග්‍රෑම්400

(ඔබ කැමැති මස් වර්ගයක්)

චොප් කරගත් (තලා පොඩි කරගත්) ලූනු ගෙඩියක්

චොප් කරගත් (තලා පොඩි කරගත්) මාලු මිරිස් හෝ

බෙල් පෙපර් කප් 1\4

චොප් කරගත් තක්කාලි කප් 1 (අඬු කෝප්ප)

තක්කාලි සෝස් කප් 1\2 (අඬු කෝප්ප)

ලුණු

වියළි ඔරිගානෝ

තලාගත් සුදු ලූනු

මේ දේවල් එකතු කරලා කොහොමද රසම රස නුඩ්ල්ස් එකක් හදන්නේ කියලා දැන් බලමු.

අවන් එක සෙල්සියස් 175ට රත් වෙන්න තබන්න. නූඩ්ල්ස් ටිකට බිත්තර, චෙඩාර් චීස් සහ බටර් එක් කර හොඳීන් මිශ්‍ර කර ස්ප්‍රින්ග් ෆෝම් තැටියක තුනී කරගන්න.

එයට උඩින් ක්‍රීම් චීස් ටික අතුරන්න. වෙනම පෑන් එකක බටර් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු, මස් සහ බෙල් පෙපර් එක් කර මස් ටික තරමක් ඉදෙන තුරු තෙම්පරාදු කරගන්න.

එයට තක්කාලි, තක්කාලි සෝස්, ඔරිගානෝ, රස අනුව ලුණු දමා මිශ්‍ර කර චීස් අතුරාගත් නූඩ්ල්ස් ඩෝ එකට උඩින් අතුරාගන්න. මෙය මිනිත්තු 30ක් කලින් රත් කරගත් අවන් එකට දමා බේක් කර එළියට ගෙන මොසරැල්ලා චීස් උඩින් දමා නැවත විනාඩි 10ක් බේක් කරගන්න.

2020/07/15 තරුණි පුවත්පත බලන්න.

No comments:

Post a Comment