kids pasta with cheese & chicken



ඔන්න යාලුවනේ කාලෙකින් පොඩි කෑමක් හදන හැටි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන...පොඩ්ඩන්ට කෑම කවන එක තරම් අමාරු රාජකාරියක් වෙන නැති තරම් නේද යාලුවනේ මගේ පුතත් අන්න ඒ වගේ කන්න නම් හරිම හොරයි.., ඉතින් මන් දන්නා සෙල්ලම් දාල විවිද දේවල් එයාට හදල දෙනවා, ඒ අතර ඔයාලටත් ඒ රස රහස කියා දෙන්නේ මගේ පුතා වගේම ඔයාලගේ බබාලත් අසාවෙන් ඒ දේවල් කනවනම් එක ඔයාල වගේම මමත් අම්ම කෙනෙක් වශයෙන් ලබන ලොකු සතුටක් මොකද දන්නවද අම්මලාගේ බඩ සහ හිත පිරෙන්නේ බබාලා බඩ පිරෙන්න කනවනම්නේ...අද මන් පුතාගේ රෑ කෑමට හැදුවේ kids pasta with cheese & chicken මගේ පුතානම් හරිම අසාවෙන් කෑවා ඔයාලත් බබාලට හදල දෙන්නකෝ හොදද...මෙන්න මෙහෙමයි හදන්නේ ... (babage wayasa 1 year & two months...)

අවශ්‍ය ද්‍රව්‍ය : Mellissa kids pasta කුඩා ප්‍රමාණයක්
කැරට්,අල,සුදු ළුණු ,රතු ළුණු ,බෝංචි ,කුඩා ප්‍රමාණය බැගින්
කබලේ බැදගත් සුදු තල ස්වල්පයක්
ලුණු ,ගම්මිරිස් ,අමුතුනපහ,කහ කුඩු කුඩා ප්‍රමාණය බැගින්
butter සහ cheese ටිකක්
chicken හෝ කැමති මාළු වර්ගයකින් කැබැල්ලක්

සාදා ගන්න අයුරු : මුලින්ම pasta ටික ලුණු හා කහ ස්වල්පයක් දමා හොදින් තම්බා ගන්න. ඉන්පසු වළදක් ලිප තබා රත් වෙන විට බටර් දමා එය රත් උණු විගස එළවලු සහ තෙම්පරදුවට කපාගත් දේවල් සහ මස් හෝ මාළු දම එයට අමු තුනපහ ටිකක් එකතු කරන්න ගම්මිරිස් ටිකකුත් දන්නා බබාගේ රස අනුව තෙලෙන් තැම්බෙන විට කලින් පිසගත් pasta එකතු කර උණු වතුර ස්වල්පයක් දමා මද ගින්දරේ පිසගන්න හොදින් හිදුනු පසු cheese දමා ලිපෙන් බාගන්න ඉන් පසු හැන්දකින් ටිකක් පොඩි කර බබාට කවන්න...බබල අස උනාද නැද්ද කියල මටත් කියන්න අමතක නොකර හොදද යාලුවනේ..සියලු දෙනාටම තෙරුවන් සරණයි ...!!!

No comments:

Post a Comment