පාසල් නිවාඩුවට දරුවන්ට රස මිහිර

පාසල් නිවාඩුවට දරුවන්ට රස මිහිර
පෝෂණයෙන් වගේම රසයෙන් පිරුණු කෑම වේලක් පවුලේ අය වෙනුවෙන් සකසා දෙන්න සෑම ගෘහණියක්ම උනන්දු වෙනවා. මේ කාලෙ පිටින් ගන්න කෑමවලට වඩා ගෙදරම කෑම ටිකක් හදාගැනීම කළ යුතුම දෙයක් වෙලා. අහන්න, දකින්න ලැබෙන ලෙඩ රෝගවලින් ඔයාගෙ පුංචි පැටව් ටික බේරගන්න නම් ගෙදරම හදන කෑම එයාලට ලබාදෙන්න වෙනවා.

 

නිතරම හදන කෑමවල රස බලන්න පුංචි දරුවො අකැමැතියිනේ. අන්න ඒ වගේ වෙලාවට ආදරණීය අම්මා වුණ ඔයාට කෑම වේල හදනකොට පුංචි පුංචි උපක්‍රම කරන්න සිදුවෙනවා. බලන්න, අද අපි ඔබ වෙනුවෙන් ගෙන එන රස කෑම වට්ටෝරුව. බත් එකේ පටන් මෙහි තිබෙන සෑම ආහාරයකටම පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා තියෙනවා. මේ විදිහට හදද්දි විවිධත්වයයි රසයයි පෝෂණයයි තුනම තියෙන හින්දා පුංචි දරුවො පමණක් නෙමෙයි ඔබේ ආදරණීය සැමියා වගේම ගෙදර සිටින අනෙක් වැඩිහිටියොත් කැමති වේවි. ඉතිං තරුණි රස පත්තරය හැමදාමත් වෙන්වෙන්නෙ ඔබේ මේ අරමුණ ඉටුකරන්නයි.

ඔබ ටේක් අවේවලට පුරුදුවූ ළඳක් නම් කම්මැළිකම පසෙකලා මේ රසවත් කෑම සකසා ගන්න පුරුදු වෙන්න. එමඟින් රසය පමණක් නොව පවුලේ සියලු දෙනාගේ පෝෂණය වගේම නිරෝගී බවත් රැකගත හැකිවේවි.

 

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී 

ප්‍රදීකා විජේසූරිය

No comments:

Post a Comment