රස ගුණ පිරි කේක්

ජුනි 2, 2021

නිර්මාංස ආහාරවලට කැමැති ඔබ වෙනුවෙන් රසම රස කේක් නිර්මාණ කීපයක් මෙවරත්

 

 

කස්ටඩ් ඇන්ඩ් පයිනැපල් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

 ටින්කිරි ටින් එකක්

 එම ටින් එකෙන් වතුර ටින් තුනක්

 කස්ටඩ් පැකට් එකක්

 චොකලට් පවුඩර් ග්‍රෑම් 50 ක් පමණ

 ස්ටු කරගත් අන්නාසි අවශ්‍ය පමණ

(ස්ටු කිරීම සඳහා කුඩාවට කපාගත් අන්නාසිවලට සීනි එකතුකර රත්කර ගන්න. උණුවනවිට ළිපෙන් බාගන්න.)

 අන්නාසි වෙනුවට වියළි පලතුරුද එකතුකරගත හැකිය.

 වතුර අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

පළමුව ටින්කිරි ටින් එක බඳුනකට දමා ළිපේ තබන්න. එයට වතුර ටින් තුනද දමන්න. මේ සඳහා සීනි එකතු කර ගන්නේ නැත. ඒ ටින්කිරිවල සීනි පවතින නිසාය. දැන් මෙම මිශ්‍රණය රත්වන විට ඇල් ජලයෙන් දියකරගත් කස්ටඩ් පවුඩර් එකතු කරගන්න.

ඉන්පසු මෙය හොඳින් හැඳිගාන්න. මෙය ඉක්මනින් උකුවන නිසා නොනවත්වා හැඳිගාගත යුතුය. මෙම මිශ්‍රණය බුබුළු නගින විට ළිපෙන් බා ගන්න. පසුව මෙය කොටස් දෙකකට වෙන්කර එක් කොටසකට චොකලට් පවුඩර් එකතු කරගන්න. දැන් බෝල් එකක් ගෙන එහි යටට චොකලට් මිශ්‍රණයෙන් කොටසක් දමන්න. ඊට උඩින් චොකලට් දැමූ නැති කොටසක් දමන්න. දැන් ස්ටු කරගත් අන්නාසි තට්ටුවක් දමන්න. නැවතත් චොකලට් මිශ්‍රණයන් තට්ටුවක් සහ කස්ටඩ් මිශ්‍රණයෙන් තට්ටුවක්ද උඩට ස්ටු කරගත් අන්නාසිද දමන්න. කැමති නම් මේ සඳහා වියළි පලතුරු එකතුකරගත හැකිය. බලන්න මේ පුඩිං එක නිර්මාංශ ඔබට හරිම අගෙයි නේද?

-------------------------------------------

බිත්තර රහිත කොෆී කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 සීනි ග්‍රෑම් 250 ක්

 පිටි ග්‍රෑම් 250 ක්

 බටර් ග්‍රෑම් 250 ක්

 ටින්කිරි

 පොඩි ටින් 1/2 ක්

 උණුවතුර

 කොප්ප 1/4 ක්

 බේකිං පවුඩර්

 තේ හැදි 2 ක්

 වැනිලා තේ

 හැඳි 2 ක්

කෝපි කුඩු මේස හැඳි 2 ක් පමණ

කිරි පිටි මේස හැදි 2 ක්

 

සාදන ක්‍රමය

පළමුව උණු වතුර මේස හැඳි හතරකට කිරි පිටි මේස හැඳි දෙකක් සහ කෝපි කුඩු මේස හැඳි දෙක දමා ක්‍රීම් එකක් ආකාරයට දියකර ගන්න. ඉන්පසු පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හලා පසෙකින් තබා ගන්න. දැන් ටින්කිරි ටින් භාගයට උණුවතුර කෝප්ප කාල දමා දියකර ගන්න. පසුව සීනි, බටර් සහ දියකරගත් aටින්කිරි එකතු කරගනිමින් බීට් කරන්න.

ඉන්පසුව හලාගත් පිටි මෙම මිශ්‍රණයට දමා කලවම් කරන්න. වැනිලාද එයට එකතුකරන්න. අවසානයේ කලින් දියකරගත් කොෆී ක්‍රීම් එකද දමා කලවම් කරගන්න. පසුව බටර් තවරා සකස් කරගත් තැටියකට මෙම මිශ්‍රණය දමා කලින් රත්කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 ක් පමණ බේක් කරගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

 

 

 

 

No comments:

Post a Comment