දියණිය වෙනුවෙන් හැඩැති කේක්

නොවැම්බර් 11, 2020

දියණියක් නිවෙසකට ආලෝකයකි. නිවෙස එළය කරන මේ මිණි පහනගෙ උපන් දිනය මෙන්ම ඈ සම්බන්ධ වෙනත් විශේෂ අවස්ථාවන් ද උත්සවාකාරයෙන් සමරන්න මාපියන් කැමැතියි.

විභාග සමත් වීම්, තරග ජයග්‍රහණ, නැටුම්, ගැයුම්වලින් ඇගේ හැකියාවන් කලඑළි වෙන අවස්ථාවන් ආදී ඈ සම්බන්ධයෙන් සමරන්නට හැකි විශේෂ අවස්ථාවන් බොහෝයි. මෙවැනි අවස්ථාවක දෝණිගේ වයසට ගැළපෙන්න ලස්සනම ලස්සන කේක් නිර්මාණයක් කරන්නට සිතන මාපියන් වෙනුවෙන් අද අපේ කේක් විශේෂාංගය වෙන්වෙනවා.

කේක් නිර්මාණ කලාවේ නිරත වන එමෙන්ම මේ කාලව හදාරන, තම හැකියාවන් වෙනස් ඉසව් වෙත ගෙන යන්නට

කැමැති ඔබටත් මෙයින් නිර්මාණාත්මක අදහස් ලබාගන්නට හැකියි. ආධුනික නිර්මාණ කරුවන්ටත් මේ නිර්මාණවලින් කදිම අදහස් ලබාගත හැකියි. මෙහිදී කේක් එකේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. එය ලස්සනට නිමවා ඇති ආකාරයයි වැදගත්. ඒ වගේම අවස්ථාවට ගැළපෙන ලෙසින් නිර්මාණය කර තිබිය යුතුයි. දියණියක් කියූ සැණීන් රෝස වර්ණය තේමාවක් ලෙසින් පළමුව මතකයට එනවා. ඒත් එහි වර්ණ උත්සවයට ගැළපෙන ලෙසින් මෙන්ම දෝණිගේ ප්‍රියතම වර්ණවලින් ආලෝකවත් කරන්නට හැකියි. එමෙන්ම දියණිය කැමැති ලෙස අයිසිං මල් වර්ග තෝරාගෙන කේක් එක අලංකාර කළ හැකියි. තනි කේක් එකක්, කේක් දෙකක්, තට්ටු කිහිපයක් ලෙස මේවා සකසා ගත හැකියි. වඩාත් වැදගත් වන්නේ එහි ඇති අලංකාරයයි. එමෙන්ම කේක් එක නිර්මාණය කරන්නට යන මිලත් සැලකිල්ලට ගත යුතුයි. බලන්න, මේ දක්වා ඇති කේක් නිර්මාණ ඔබේ දියණියගේ විශේෂ අවස්ථා සැමරීම වෙනුවෙන් කෙසේ ගළපාගත හැකි ද කියා.

No comments:

Post a Comment