රසින් රස ගෙනෙන පලතුරුවලින්

සැප්තැම්බර් 2, 2020

රසය ගුණය පිරි ආහාර වේලක් සම්පූර්ණ වන්නේ රසවත් අතුරුපසකිනි. විශේෂ භෝජන සංග්‍රහයන්හිදී මෙන්ම ප්‍රිය සාදවලදීත් රසවත් අතුරුපසක් එකතුකර ගන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. පුඩිම්, අයිස්ක්‍රීම්, ෆෘට් සැලඩ් ආදී වූ අතුරුපස ගොන්නට තවත් අලුත්ම ප්‍රණීත ආහාරයන් දැන් එකතුවී තිබේ.

ඉතිං එවැනි අතුරුපසක් ගෙදරදීම සාදා රස විඳීමට ඇත්නම් එය කෙතරම් අපුරුද? එසේ නම් ප්‍රවීණ සූපවේදිනී සර්වදර්ශනී අප්සරාගෙන් අපි එවැනි අතුරුපස කිහිපයක් ඔබට අද තිළිණ කරන්නෙමු. සර්වදර්ශනී අප්සරා වසර 20 ක සිට ඉවුම් පිහුම් පන්ති පැවැත්වීමෙහි යෙදී සිටින දක්ෂ සූපවේදිනියක්. ඇය විවිධ ක්‍රමයට කෑම වර්ග සැකසීම, කේක් සෑදීම, අයිසිං මල් සෑදීම ආදියෙහි යෙදී සිටින්නීය.

 

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා

 

 

ඩේට් ඇන්ඩ් හනි බාර්

අතුරුපසක රස බලන්න කවුරුත් කැමැතියි. ඒ අතුරුපස රසවත් වගේම පෝෂ්‍යදායි වෙන තරමට තමයි එහි ගුණාත්මක බව වැඩි වන්නේ

රටඉඳිවලින් සාදා ගන්නා ඩේට් ඇන්ඩ් හනි බාර් එවැනි ගුණාත්මක අතුරුපසකි. ඔබත් සකසා එහි රස ගුණ බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

රට ඉඳි ග්‍රෑම් 175 ක්

මීපැණි මේස හැඳි 3 ක් (සපයාගත නොහැකි නම්

ගෝල්ඩන් සිරප් භාවිත

කළ හැකිය)

දෙහි යුෂ මේස හැඳි 2 ක්

පාන් පිටි ග්‍රෑම් 300 ක්

රුලං ග්‍රෑම් 100 ක්

බේකිං පවුඩර් තේ

හැඳි 1 1/2 ක්

සාදන ක්‍රමය

පළමුවෙන් රටඉඳිවල ඇට ඉවත්කර සිහින්ව කපාගන්න.

එයට මීපැණි, දෙහි යුෂ සහ පිටි ග්‍රෑම් 150 ක් සහ වතුර මිලිලීටර් 150 ක් දමා හොඳින් මිශ්‍රකර ළිප තබා උයාගෙන නිවෙන්නට තබන්න.

වෙනම බඳුනකට මාගරින් දමා එයට  සීනි එක්කර බීට් කරන්න. එයට සාදික්කා කුඩු ද එකතු කරගන්න.

ඉන්පසු ඉතිරි පිටි ග්‍රෑම් 150 ට රුලං හා බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක් දමා කලවම් කරගෙන එය මාගරින් මිශ්‍රණයට එකතු කරන්න. බේකිං තැටියට (අඟල් 8 ය 8) තෙල් කඩදාසියක් දමා බටර් තවරාගන්න. සූදානම් කරගත් පිටි මිශ්‍රණයෙන් භාගයෙන් තැටියේ පතුළට දමා තුනීකර ඒ මත මුලින් උයාගත් රටඉඳි මිශ්‍රණය දමන්න. දැන් මේ තැටිය සෙල්සියස් අංශක 180 ට රත් කරගත් උදුනක තබා විනාඩි 25 - 30 කාලයක් බේක් කරගන්න. නිවුණු පසු කැබැලිවලට කපා ගන්න.
 

2020/09/02 තරුණි බලන්න

No comments:

Post a Comment