අඹවලින් රසම රස කේක්

අගෝස්තු 12, 2020

 

මේ දවස්වල මඟ තොටේ යනවිට අඹ ඕනෙ තරම්. මිහිරි රසය නිසා කන්න කන්න ආසා හිතෙනවා. ඒ තරමටම අඹ හරිම රසවත්.

කොච්චර කෑවත් එපා වෙන්නෙත් නෑ. අද අප සූදානම් වෙන්නෙ අඹවලින් රසම රස කේක් එකක් සාදාගන්නා විදිහ කියලා දෙන්නයි. එහෙම නම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා දැනගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4 ක්

සීනි ග්‍රෑම් 200 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

කිරි පිටි මේස හැඳි 2 ක්

මැංගො එසන්ස්

තේ හැඳි 1/2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

අල්පොන්සු අඹ

කැබලි ග්‍රෑම් 200 ක්

බේකිං පවුඩර්

තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

පළමුවෙන්ම පිටි සහ බේකිං පවුඩර් එකට එකතුකර තෙවරක් හලාගන්න. ඉන්පසු බටර්, අඹ කැබලි සහ සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න. මෙය ක්‍රීම් එකක් ආකාරයට බීට් වූ පසු බිත්තර ද එකින් එක දමමින් බීට් කරගන්න. ඉන්පසු තෙවරක් හලාගත් පිටි මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරගන්න. අවසානයේ වැනිලා සහ අඹ එසන්ස් ද එක්කර බටර් තවරාගත් අඟල් 9ය 9 තැටියකට දමා සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වයෙන් විනාඩි 45ත් - පැයත් අතර කාලයක් බේක් කරගන්න.

 

උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී

කේන් පෙරේරා

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න

 

No comments:

Post a Comment