THAI CHICKEN PARCEL

සැප්තැම්බර් 18, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

අඹරාගත් චිකන් ග්‍රෑම් 250 ක්

සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2 ක්

තළාගත් සුදු ලූනු ස්වල්පයක්

සිහින්ව ලියාගත් බී ලූනු ස්වල්පයක්

කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

බිත්තර කහමද 1ක්

බිත්තර සුදුමද 1ක්

spring Roll Sheets  2ක්

වෙජිටබල් ඔයිල් (බැද ගැනීමට) මිලිලීටර් 200 ක්

රම්පේ (ගැට ගැසීම සඳහා)

රස අනූව ලුණු

සිහින්ව කපාගත් වියළි කජු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් අඹරාගත් චිකන් ප්‍රමාණයට සිහින්ව කපාගත් අනෙක් සියලුම ද්‍රව්‍ය (අමු මිරිස්, තළාගත් සුදුලූනු, සිහින්ව ලියාගත් බී ලූනු, කොත්තමල්ලි කොළ, බිත්තර සුදුමදය, ලුණු, වියළි කජු) එකතු කරගනිමින් තලපයක් ආකාරයට සාදාගන්න.

ඉන්පසු ස්පි‍්‍රන් පේස්ට්‍රි දෙක හතරට පහට කපාගෙන (කැබලි අටක් වනසේ) බිත්තර කහමදය බ්‍රෂ්කරගත්(පින්සලකින් ගාගත්) පේස්ට්‍රියේ තවරාගත් පසු චිකන් පිරවුම දමා සකසා ගන්න. ඉන්පසු රම්පේ කොළය හීනියට පටි කපාගෙන පාර්සලය ගැටගසා ගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. අවන් එකක නම් සෙල්සියස් අංශක 165 ක උෂ්ණත්වයට විනාඩි 2ක් පමණ පුලුස්සා ගන්න. අවශ්‍ය පරිදි ටොමෑටෝ සෝස් සමඟ ආහාරයට ගන්න.

 

No comments:

Post a Comment