බේකන් රැප්ඩ් ස්ටෆඩ් චිකන් විත් චීස් සෝස්

සැප්තැම්බර් 18, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 175 ක්

බේකන් පෙති 2 ක්

බෝංචි කරල් කිහිපයක්

චෙරි ටොමැටෝ හෝ ග්‍රිල් ටොමැටෝ ග්‍රෑම් 50 ක්

ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ස්වල්පයක්

බී ලූනු ගෙඩි භාගයක්

ලීක්ස් (දණ්ඩ) ස්වල්පයක්

තළාගත් සුදුලූනු ස්වල්පයක්

සිහින්ව කපාගත් තයිම් කොළ ස්වල්පයක්

බටර් ස්වල්පයක්

සිහින්ව කපා ගත් හතු ස්වල්පයක්

කැබලි කරගත් ගම්මිරිස් ස්වල්පයක්

ලුණු අවශ්‍ය තරමට

සීනි තේ හැඳි භාගයක්

දෙහි යුෂ ස්වල්පයක්

නැවුම් කිරි මිලිලීටර් 25 ක්

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් මස් කැබැල්ල වෙන් නොවන සේ මැදින් කපා තරමක් සමතලා කරගන්න. ඉන්පසු එයට සිහින්ව කපාගත් හර්බ්ස් (තයිම්) ස්වල්පයක් ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් දමා සීසන් කරගන්න.

හීනියට කොටුකපාගත් බී ලූනු, ලීක්ස්, සුදුලූනු, හතු, බටර් ස්වල්පයක් සමඟින් නන්ස්ටික් පෑන් එකකින් රන්වන් පැහැවන තුරු තෙම්පරාදු කරගන්න.

චෙරි ටොමැටො සෝදාගෙන දෙකට කපා දෙහි යුෂ, සීනි සමඟින් කලවම්කර පසෙක තබන්න.

ඉන්පසු සීසන් කරගත් චිකන් බ්‍රෙස්ට් එක මතට තෙම්පරාදු කරගත් ලූනු, හතු මිශ්‍රණය මැදින් චීස් ස්වල්පයක් සමඟ රෝල්කර ගැනීමට පහසු ආකාරයට අසුරා ගන්න. ඉන්පසු චිකන් රෝල් එක වටා බේකන් පෙති ද ක්‍රමයෙන් ඔතාගන්න. බටර්, තෙල් කිසිවක් නොදමා නන්ස්ටික් කුකිං පෑන් එක මඳක් රත්කරගනිමින් චිකන් රෝල් එක ක්‍රමයෙන් විනාඩි 10 ක් පමණ අඩු රස්නෙන් ග්‍රිල්කරගන්න. නැතිනම් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට විනාඩි 15 ක් පමණ බේක් කරගන්න. ඉන්පසු බෝංචි ස්ටීම් කොට චෙරි ටොමැටෝ සමඟින් පිඟාන පසෙකින් තබන්න. අවසාන වශයෙන් කිරි, බටර්, චීස් එකට රත්කරගනිමින් චීස් සෝස් එක සාදාගෙන චිකන් බේකන් රෝල් එක මතට වක්කරගත් පසු රසවිඳගන්න.

 

2019/09/18 තරුණි බලන්න

 

No comments:

Post a Comment