නත්තල් කෑම බීම රස විඳිමු

දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.

ඔබේ සිතේ ඇති ඒ කැමැත්තට අලුත් යමක් එකතු කරන්න අප මෙවර ‘රස’ අතිරේකයට නත්තල් කෑම හා බීම රැසක්ම එකතු කළා. ඒ අතුරින් නත්තලට සාදන වයින් පානය නම් විශේෂයි. අප මෙම අතිරේකයට ඔබට පහසුවෙන් සාදාගත හැකි වයින් වර්ග කිහිපයක් එක් කළේ නත්තල සමරන කතෝලිකයන් වෙනුවෙන්මයි.

මෙයට අමතරව මෙහි ඉදිරිපත් කරන කෑම වර්ග ඕනෑම උත්සව අවස්ථාවකට හෝ අමුත්තන් පැමිණි අවස්ථාවකට කදිමයි.

-----------------------

සරල ක්‍රමයට ඇපල් වයින්


Image result for apple wine



අවශ්‍ය ද්‍රව්‍ය


ඇපල් කිලෝ ග්‍රෑම් 1 ක්
උණු වතුර ලීටර් 3 1/2 ක්
සීනි කිලෝ ග්‍රෑම් 1 1/2 ක්
ලෙමන් යුෂ ගෙඩි දෙකක පමණ
යීස්ට් ග්‍රෑම් 15 ක්

සාදන ක්‍රමය


ඇපල් පොතු සමඟ කුඩාවට කපා උණු වතුර දමා හොඳින් බ්ලෙන්ඩ් කර දින 4 ක් පමණ තබා යුෂ ලබා ගන්න.

පසුව මෙම යුෂ පෙරා සුදුසු භාජනයකට දමා සීනි, යීස්ට් සමඟ ලෙමන් දමා උණුසුම් ස්ථානයක තබන්න. දැන් එම මිශ්‍රණය පැසෙන විට හොඳින් කලවම් කර පසුව නැවතත් වෙනත් භාජනයකට පෙරා නැවත දින 3 - 4 ක් වසා තබන්න. අවසානයේ වයින් වර්ණය ලබා ගැනීමට සීනි කැරමල් කර එයට එකතු කරගන්න. නියම පදමට ලබා ගැනීම සඳහා මාස 4 - 6 ක් පමණ තැබිය යුතුය. මාසයක් තරම් කාලයක් තැබීමෙන් පසුද පානයට ගැනීමට හැකි තත්ත්වයට පත් වෙයි.


----------------------------

බ්ලැක් කරන්ට් කෝඩියල් වයින්

Image result for blackcurrant cordial wine


අවශ්‍ය ද්‍රව්‍ය


සීනි ග්‍රෑම් 125 ක්
බ්ලැක් කරන්ට් කෝඩියල් කෝප්ප 1 ක්
වතුර පයින්ට් 1 ක්
ලෙමන් යුෂ පයින්ට් 1/2 ක්
බ්‍රැන්ඩි පයින්ට් 1/2 (බ්‍රැන්ඩි නැත්නම් ශෙරි)

සාදන ක්‍රමය


බඳුනක් ගෙන එයට සීනි සහ වතුර එක්කර සීනි හොඳින් දියවනතුරු හැඳිගාන්න.

පසුව මෙයට බ්ලැක් කරන්ට් කෝඩියල් සහ ලෙමන් යුෂ මිශ්‍රකර පෙරා විනාඩි 3 ක් පමණ මඳ ගින්නේ තබන්න.

ඉන්පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබන්න.

පිළිගැන්වීමට පෙර බ්‍රැන්ඩි හෝ ශෙරි පයින්ට් 1/2 එකතුකර හොඳින් කලවම් කරගන්න. (අවශ්‍ය නම් දොඩම් ලෙලි සිහින්ව කපා එක් කරන්න.)

---------------------------------

කැරට් වයින්

Image result for carrot wine


අවශ්‍ය ද්‍රව්‍ය


කැරට් කිලෝ ග්‍රෑම් 1 ක්
වතුර ගැලුම් 1/2 ක්
ඉඟුරු අවුන්ස 1 ක්
සීනි කිලෝ ග්‍රෑම් 1 ක්
යීස්ට් තේ හැඳි 1/2 ක්
දොඩම් යුෂ 1/2 (ගෙඩි)
ලෙමන් යුෂ 1/2 (ගෙඩි)


සාදන ක්‍රමය


පළමුව කැරට් ශුද්ධ කර සෝදා කුඩා කැබලිවලට කපාගන්න. එය තරම්ක ලොකු සාස්පානකට දමා වතුර සහ තළාගත් ඉඟුරු සමඟින් මිශ්‍ර කරන්න. පසුව ළිප තබා මෘදුවන තෙක් පිසගෙන ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.

පසුව එයට සීනි එක්කර දියවනතුරු කලවම් කර එක් රැයක් පමණ තබා පෙරා ගන්න. නැවතත් එය පෙරා දින 2 ක් තබන්න.

ඉන්පසු යීස්ට්වලට මඳ උණුසුම් ජලය එක්කර දිය කරගන්න.

පසුව යීස්ට් සහ පලතුරු යුෂ පෙරාගත් කැරට් මිශ්‍රණයට එකතුකරගන්න.

ඉන්පසු මැටි බඳුනක් හෝ වීදුරු බඳුනකට දමා මාස 4 ක් පමණ පිපෙන්නට තබන්න.

අවසානයට එය පෙරා බෝතල්වලට අසුරා ගන්න. මෙය ද මාසයකින් පමණ පානයට ගත හැකියි.



--------------------------

අන්නාසි සයිඩර්

Image result for make pineapple cider


අවශ්‍ය ද්‍රව්‍ය


ඉදුණු අන්නාසි ගෙඩි 1 ක්
වතුර කෝප්ප 3 ක්
සීනි කෝප්ප 3 ක්
යීස්ට් තේ හැඳි 1 ක්
බිත්තර සුදු මද 1 ක්

සාදන ක්‍රමය


පළමුව අන්නාසි ගෙඩිය ගෙන සෝදා මැද මදය ඉවත්කර පසෙකින් තබාගන්න.

පසුව භාජනයක් ගෙන එයට වතුර සහ සීනි එක්කර දියවන තෙක් මිශ්‍ර කරන්න.

ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් යීස්ට් මිශ්‍ර කරගන්න. පසුව යීස්ට් මිශ්‍රණය සහ බිත්තර සුදු මදය, සීනි මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් මෙම මිශ්‍රණය අන්නාසි ගෙඩිය තුළට වත්කර මිශ්‍රකරන්න. පසුව අන්නාසි ගෙඩියේ කට වසා සති දෙකක් පමණ තබා පෙරා ගන්න. (දින 2 - 3 කට වරක් මිශ්‍ර කරන්න)

පෙන ඉවත්වන තෙක් තබා බෝතල්වලට අසුරා ගන්න.


උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී සකුන්තලා කරුණාරත්න
වෝ කේටස්, රුවන්වැල්ල

No comments:

Post a Comment