ආහාර සැකසීමේදී භාවිත වන ස්වාභාවික පිපුම්කාරකය ගැන ඔබ දන්නවාද?

අප්‍රේල් 21, 2021

 

ආහාර අරුචිය, හිසරදය, වාත රෝග, සෙම් රෝග නසයි. වමනය සඳහා මෙන්ම බඩේ අජීර්ණය සඳහා ද ගුණදායක ය. මේ නිසා අත්බෙහෙතක් ලෙසින් ද ඉඟුරු අතීතයේ සිට ම භාවිතයට ගනී.

 

රසවත්ව ආහාර පිසීම ද කලාවකි. එම කලාවේ නිසි ලෙස නියැළීමට අවැසි වූ දැනුම අපි ඔබට සපයන්නෙමු. ආහාර සුවඳවත්ව, රසවත්ව තිබීම මඟින් සිත පිනවයි. එහි ඇති ගුණාත්මක බව රඳවා ගැනීමට ද මේ කරුණු ඉවහල් වේ.

 

ආහාරයේ සුවඳ, රස, ගුණ තීව්‍ර කිරීම සඳහා රස කාරක මඟින් සිදු කෙරෙන කාර්ය භාරය පිළිබඳ අපේ ඇතැම් ගෘහණියන්ට නිසි දැනුමක් නැත. එමෙන්ම අපේ රටේ භාවිතයට ගන්නා රස කාරක 42 පිළිබද කාන්තා ඔබ දැනුම්වත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. ඉන් රස කාරක කිහිපයක් ම පසුගිය සති කිහිපයක් තුළ ඔබට ගෙන ආ අතර අද තවත් රස කාරක කිහිපයක් පිළිබඳ ඔබට දැනුම්වත් විය හැකියි.

 

ඉඟුරු

ඉංග්‍රීසියෙන් ජින්ජර් ලෙස හැඳින්වේ. කුඩා පඳුරක අලයක් වන මෙය ඖෂධීය වටිනාකමින් ඉතාමත් ඉහළ ය. හෙළ වෙදකමේ දී ඉඟුරුවලට වැදගත් තැනක් ලැබේ. ඉඟුරු මුලින් ම භාවිතකර ඇත්තේ ආසියාතික රටවල වුවත් මේ වන විට ලොව පුරාම රස කාරකයක් ලෙස භාවිතයට ගනී.

ආහාර අරුචිය, හිසරදය, වාත රෝග, සෙම් රෝග නසයි. වමනය සඳහා මෙන්ම බඩේ අජීර්ණය සඳහා ද ගුණදායක ය. මේ නිසා අත්බෙහෙතක් ලෙසින් ද ඉඟුරු අතීතයේ සිට ම භාවිතයට ගනී. සෑම නිවෙසකම පාහේ ඉඟුරු පඳුරක් පැවතීම

 

මෙයට දශක කිහිපයකට පෙර අනිවාර්යය වූයේ මේ හේතුව නිසාය. සුවඳවත් රසකාරකයකි.

මේ නිසාම කොත්තමල්ලි තම්බන විට ඉඟුරු කැබැල්ලක් ද එයට දැමීමට අපේ ඇත්තෝ එදා සිට ම පුරුදු වී සිටියහ. ඉඟුරු තේ බොහෝ දෙනාගේ දිව පිනවීමට සමත් වන අතරම ඉන් සිරුරට නව ජවයක් ද ලබා දේ. ඉඟුරු දෝසි ද අපේ වැඩිහිටි පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය රස කැවිල්ලකි. මස් මාළු සැකසීමේ දී ඉඟුරු යොදා ගනී.

 

උම්බලකඩ

මෝල්ඩිව් ෆිෂ් ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබයි. මෙය මාංසජනක, ප්‍රෝටීන් බහුල රස කාරකයකි. රස කාරක අතර ඇති එකම මාංසමය රස කාරකය වන්නේ උම්බලකඩ ය. මාළු කටු ඉවත්කර හොඳින් තද අව්වේ වියළීමෙන් උම්බලකඩ සකසා ගනී.

කොළ, කිරිහොදි, පොල් සම්බෝල මෙන්ම කිරි ආහාර සැකසීමේ දී උම්බලකඩ ස්වල්පයක් දැමීමෙන් වැඩි රසයක් ලබා ගත හැකි අතර ම ආහාරවේලේ පෝෂණීය සමබරතාව රැක ගැනීමට ද උපකාරී වේ.

 

රා මණ්ඩි

ඉංග්‍රීසියෙන් ටොඩි ලෙසින් හැඳින් වේ. පොල්, කිතුල් ගස්වල මල් මැදීමෙන් ලබා ගන්නා මල් පැණි ද්‍රාවණයකි. එය පැසුණු විට රා ලෙස භාවිතයට ගනී. විනාකිරි, පැණි, හකුරු ආදිය සකසන්නේ මෙම රා වලිනි.

රා මණ්ඩි පිපුම් කාරකයක් ලෙස යොදා ගනී. අද වන විට විවිධ වූ කෘත්‍රිම පිපුම්කාරක වෙළෙඳ පොළේ පැවතිය ද ඒවා පැමිණීමට පෙර භාවිතකර තිබෙන්නේ රා මණ්ඩි ය. මේවා ස්වාභාවික පිපුම්කාරක වන බැවින් සිරුරට හිතකර ය. කෘත්‍රිම පිපුම්කාරක මඟින් විවිධ අතුරු ආබාධ ඇති විය හැකි වුවද

 

ස්වාභාවික පිපුම්කාරක මඟින් සිරුරට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

ආප්ප ආදී ආහාර සැකසීමේ දී වැඩි වශයෙන් ම රා මණ්ඩි ප්‍රයෝජනයට ගෙන ඇත.

 

බිත්තර

ඉංග්‍රීසියෙන් එග් ලෙස හැඳින් වේ. පැහැය, රසය, පෝෂණය, උකු බව ආදී ගුණාංග ලබා ගත හැකි සංයෝග කාරකයකි. බිත්තර ආහාරයක් ලෙසින් ද භාවිතයට ගනී.

රසකාරකයක් ලෙස මෙය භාවිතයට ගන්නේ බොහෝ විට බැදීම් සිදු කිරීමේ දී ය. බිත්තර සාරුවල දවටා බැදීමෙන් එම ආහාරයට රසය, පෝණය ආදිය ලබා ගත හැකිය.

 

තවත් රස කාරක කිහිපයක් පිළිබද ලබන සතියේ දීත් දැනුම්වත් වෙමු.

 

 

 

No comments:

Post a Comment