සෞම්‍යය දේශගුණයකට හිමිකම් කියන නිවර්තන කලාපීය රටක් වන අප රට ඕනෑම භෝගයකට සුදුසු පොළොවක් සහිත පින් බිමකි. මෙහි පැළයක් රෝපණය වන්නට ඵලදාවක් ලබන්නට ලොකු වෙහෙසක් දැරීමට අවශ්‍ය නැති තරම්. අප එතරම්ම සරු බිමක උරුමක්කාරයන්.
කෙසෙල් කියන්නේ අප රටේ ඕනෑම ප්‍රදේශයක, ඕනෑම නිවෙසක දක්නට ලැබෙන පලතුරක්.
ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන කෙසෙල්වලින් අපට ලැබෙන්නෙත් ඉහළ පෝෂණීය අගයක්. කෙටි කාලයකින් ඵලදාව ලබාගන්නත් පුළුවන් ඉතා පි‍්‍රයජනක පෝෂ්‍යදායී පලතුරක්.
ළදරු අවධියේ පටන්ම කෙසෙල් ආහාරයට ගන්නා නිසා ටිකක් ලොකු වෙද්දි නම් කෙසෙල් පලතුරක් විදිහට ගන්නට දරුවන් අකැමැතියි. ඉතින් ඒ වගේ වෙලාවට කෙසෙල් යොදාගෙන මේ වගේ වෙනස් වෙනස් ආහාර සකසා දරුවන්ට දෙන්න පුළුවන්.
රසයෙන් වගේම ගුණයෙනුත් අනූන කෙසෙල් මිශ්‍ර ආහාර වට්ටෝරු කිහිපයක් තමයි අද අප ඔබට තිළිණ කරන්නේ.
ළදරු පාසලට යන දුවට පුතාට වගේම පාසල් යන දරුවන්ටත් මේ ආහාර සුදුසුයි.
ආහාර ජීර්ණයටත් පිටිවහලක් වන කෙසෙල් සෑම නිවෙසකම පාහේ ආහාර වේලෙන් පසුව ගන්නා ලාභදායීම පෝෂණ ගුªණය ලෙසත් හඳුන්වන්න පුළුවන්.
උපදෙස්
ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක
******************
බනානා පුඩිං
පුඩිං කියන්නෙ බොහෝ වෙලාවට අතුරුපසක් විදිහට ගන්න දෙයක්. තට්ටු කිහිපයක නිමාවකින් සැකසෙන පුඩිං සඳහා විවිධ ද්‍රව්‍ය යොදාගන්නවා. බිස්කට් පුඩිං නම් ගොඩාක් ජනපි‍්‍රයයි.
නොයෙක් පලතුරු වර්ග යොදාගෙනත් පුඩිං සාදනවා. පලතුරක් ලෙස කෙසෙල් කන්න අකැමැති නම් කෙසෙල් යොදාාගෙන සාදන මේ වගේ පුඩිං වර්ගයක් කන්න පුළුවන්. රසය වගේම පෝෂණයත් ලැබෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රීම් චීස් ග්‍රෑම් 200 ක්
ටින් කිරි ටින් 01 ක්
පාන් පිටි ග්‍රෑම් 200 ක්
වැනිලා තේ හැඳි 01 ක්
විපිං ක්‍රීම් කෝප්ප 01 ක්
ඉදුණු කෙසෙල් ගෙඩි 5-6 ක් (ආනමාළු)
මාරි බිස්කට් ග්‍රෑම් 300 ක්
කිරි කෝප්ප 03 ක්
සාදන ක්‍රමය
පළමුව විපිං ක්‍රීම් එක බීට්කර පසෙකින් තබාගන්න. ඉදුණු කෙසෙල් ගෙඩි පොතු ඉවත්කර පෙති කපාගන්න.
ඉන්පසුව ක්‍රීම් චීස් එක බීට් කරගන්න. එයටම ටින් කිරි එකතුකර බීට් කරන්න. ඉන්පසු එයට පාන් පිටි ග්‍රෑම් 200 එක්කර නැවතත් බීට් කරන්න. පසුව කිරි ටික ටික එක්කරමින් බීට් කරන්න. එයටම වැනිලා එක් කරන්න. දැන් එයට කලින් බීට් කරගත් විපිං ක්‍රීම් මිශ්‍රණය එක්කර හැන්දකින් කලවම් කරගන්න.ශීතකරණයක තැබිය හැකි භාජනයක් ගෙන එහි යටටම මාරි බිස්කට් අතුරන්න. ඉන්පසුව පෙති කපාගත් කෙසෙල් ටික දමන්න. දැන් සාදාගත් කිරි මිශ්‍රණය එක්කර වටේට ලස්සනට මාරි බිස්කට් අතුරා පැය 3-4 ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.
No comments:
Post a Comment