ආදරණීය බැඳීම් සොඳුරු කරන කේක් නිර්මාණ

පෙබරවාරි 5, 2020

සොඳුරු ආදරය අභිසෙස් ලබන්නේ විවාහයෙනි. ඒ නිසාම ආදරයෙන් බැඳෙන කවුරුත් තම විවාහයට පෙරුම් පුරන්නේ සිහින කන්දරාවක් හිතදරාය. ඔවුහු ඒ වෙනුවෙන් බොහෝ කැපවෙති.

විවාහයක් සැලසුම් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් ද නොවේ. එහි හැමදෙයක්ම පිළිවෙළට ලස්සනට තිබිය යුතුයි. මෙහි අංග අතර විවාහ මංගල කේක් එක ද විශේෂ තැනක් ගනී. ඒ නිසාම බොහෝ දෙනෙක් තම මංගල්ලයට ගැලපෙන විසිතුරු කේක් නිර්මාණ සොයමින් වෙහෙසෙති.

එමෙන්ම මේ එළඹෙන්නේ ආදණීයයන්ගේ ආදරණීය දිනය වූ වැලන්ටයින් සැමරුම් සහිත කාලයයි. එදිනට පෙම්වතුන්ට තම ආදරය සමරන්න, විවාහ ගිවිසගන්න, මෙන්ම සැමියාට බිරියට තම ආදරයේ අපූර්වත්වය විඳගන්නට, පුදුම කරන්නට ආදරණීය කේක් එකක් සකසා තිළිණ කළ හැකියි.

මේ සියලු අදහස් එකතුකරමින් මේ සතියේ තරුණී රසාර විශේෂ අතිරේකය ඔබ වෙත තිළිණ කරන්නේ අපූර්වත්වයෙන් යුතු කේක් නිර්මාණ කිහිපයකි. අපි විවිධ අවස්ථාවල කේක් සැකසීම, අයිසිං කිරීම ආදී පියවර ඔබට පහදා ඇති බැවින් මේ අතිරේකයෙන් එවැනි දීර්ඝ දැනුමක් නම් ලබා දෙන්නේ නහැ. මෙහි අරමුණ විශේෂ අවස්ථාවන් සඳහා ගැළපෙන, අලංකාරයෙන් අනූන කේක් නිර්මාණ ආකෘති හඳුන්වා දීමයි.

ඒ නිසා මේ කේක් නිර්මාණ දෙස බලා ඔබටත් නවතම අදහසක් එකතුකර ගන්නට අවස්ථාව තියෙනවා. මෙහි ඇති සියලුම කේක් ආකෘති බටර් අයිසිං යොදා නිම කරගත් ඉතා සරල ලස්සන ආකෘති කීපයකි. මේ සඳහා වැඩි කාලයක් අවශ්‍ය නොවේ. එහෙත් ඉතා ඉක්මනින් හා පහසුවෙන් අලංකාර ලෙස සාදාගත හැකියි.

මේවා ඔබට තිළිණ කරන්නේ කේක් නිර්මාණ කලාවේ ප්‍රවීණතම උපදේශිකාවක් වන තෙයාගි සධනිකා ගමගේ මහහත්මියයි. මෙහි එන නිර්මාණ පිළිබඳ ඇගෙන් උපදෙස් පතන්නත් ඔබට පුළුවන්.

----------------------

Home coming එකටයි මේ...

මෙය Home coming  එකක් සඳහා සුදුසු සරල  cake  එකකි. උසට පුරවාගෙන බේක් කරගත් කිලෝ 2 ක් හා කිලෝ 1 ක ප්‍රමාණයේ රවුම් cake දෙකක් බටර් අයිසිංවලින් කවර්කර ගන්න. වෙළෙඳපොළෙන් ලබාගත් අලංකාර රතු පාට ලේස් එකෙන් cake දෙකේම වටේට දමන්න.

ඉන්පසු leaf  නොසල් එකෙන් අයිසිං කරගන්න. Rose  Petal Large නොසල් එක භාවිතයෙන් සාදාගත් ප්‍රමාණයෙන් ලොකු රතු පාට රෝස මල් 3 ක් තබා අලංකාර කරගන්න.

කොළ පාට අයිසිංවලින් කොළ දමාගන්න.

 

කේක් නිර්මාණය සහ උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි සධනිකා ගමගේ

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

2020/02/05 තරුණි බලන්න

 

 

No comments:

Post a Comment