මුළුතැන්ගෙට
2019/05/01 තරුණි බලන්න.
- * පලා කොළ වර්ග පිසින විට පොල් තෙල් හෝ බටර්, මාගරින් වැනි දෙයක් එකතු කරගැනීමෙන් එහි ඇති විටමින් සිරුරට උරාගැනීම පහසු කරයි.
- * පිසින ලද ආහාරවල ලුණු රසය වැඩියෙන් දැනෙයි නම් එය ළිප මත තිබෙන විටම පාන් පිටිවලින් බෝලයක් සාදා (පිටි බෝලයක්) දමන්න. එවිට වැඩිපුර ඇති ලුණු එයට උරාගනී.
- * හොඳින් පැසුණු කොස් මදුළු ශීතකරණයේ තබන විට සිලි කවර දෙකකට දමා තබන්න. නැතහොත් කළු ටියුලිප් කවරයකට දමා තබන්න. එවිට පාවිච්චියට ගන්නා විට කොස් මදුළුවල පැණි රස ගතියක් නොදැනෙයි.
- * ශීතකරණය තුළ ඇති එළවළු සහ අනෙකුත් ආහාර අතර රතු ලූනු හෝ බී ලූනු තැබීමෙන් ඒ ආහාරවලට ලූනු සුවඳ මුසුවන නිසා එසේ තැබීමෙන් වළකින්න.
- * එක් එක් පලා වර්ගවල ගුණය එකිනෙකට වෙනස් වන බැවින් රෝගීන් සඳහා කොළ කැඳ පිසින විට රෝගියාට සුදුසු කොළ වර්ගයකින් පමණක් කැඳ පිසගන්න.
- * අල බැදුමට ඉඟුරු, සුදුලූනු, එනසල් ඇට කිහිපයක් අඹරා තෙම්පරාදු කර කලවම් කිරීමෙන් ප්‍රණීත රසයක් එක් කරයි.
- * මහදුරු, කොත්තමල්ලි වැනි නිතර පාවිච්චියට නොගන්නා කුළුබඩු ගුල්ලන් සෑදීමෙන් ආරක්ෂා කරගැනීමට කබලේ මඳක් බැද නිවුණාට පසුව බෝතලයක අසුරා තබන්න.
- * මැළවී ඇති එළවළු, පලා වර්ග කපාගැනීමට පෙර සීත කළ ජලයේ පැය දෙකක් පමණ තැබීමෙන් නැවුම් ගතියක් ඇති කරයි.
- * දෙහි ගෙඩියක යුෂ වැඩි කරගැනීමට නම් කපන්නට පෙර දෙහි ගෙඩිය තද උණු වතුරට දමා ටික වේලාවකින් කපාගන්න.
- * ඇඹුල් සහිත පලතුරුවලින් බීම සාදන විට පොල් කිරි ස්වල්පයක් ද එක්කරන්න. නැතිනම් පොල්කිරිවලින්ම සාදා ගන්න.
2019/05/01 තරුණි බලන්න.
No comments:
Post a Comment